ඛුද්දක නිකාය

රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා

13 වීසතිනිපාතො

13.4. සුන්දරී තෙරණිය ගේ ගාථා

පින්වතී, ඔයා ඉස්සර ගත කළ ජීවිතවල දී මැරීගියදරුවන් කමින් තමයි ජීවත් වුණේ. ඔයා ඒ කාලෙ ? දවල්දෙකේ ම ගොඩාක් තැවි තැවී තමයි හිටියෙ.

වාසෙට්ඨි බ්‍රාහ්මණිය, ඔයා ඒ සිය ගණනින්ඔක්කොම දරුවන් කාල, අද තැවෙන්නෙ නැති දැඩි සිතකින්ඉන්නෙ ඇයි?

බ්‍රාහ්මණය, අතීතෙ මං විතරක් නොවේ ඔයත් කාල තියෙනව සිය ගණන් දරුවන් ව ත්, නෑදෑයන් ව ත්.

දැන් මං ඒ ඉපදෙන මැරෙන ලෝකයෙන් නිදහස්වෙලා නිවන අවබෝධ කරගෙන ඉන්නෙ. ඒ නිසා මංශෝක කරන්නෙ නෑ. අඬන්නෙ නෑ. තැවි තැවී ඉන්නෙනෑ.

වාසෙට්ඨි, හරි ම අද්භූත දෙයක් ඔයා ඔය කියන්නෙ.ඔයා කාගෙ ධර්මයක් අවබෝධ කර ගෙන ද ඔය තරම්ස්ථාවරයක ඉඳන් කථා කරන්නෙ?

බ්‍රාහ්මණය, ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ,එතකොට වැඩ සිටියේ මිථිලා නගරයේ. සියලූ සත්වයන්ගේ දුක් දොම්නස් නැති කරන්ට යි උන්වහන්සේ දහම්දෙසන්නෙ.

බ්‍රාහ්මණය, ඒ අරහත් වූ සම්බුදු සමිඳුන් ගේනිකෙලෙස් සද්ධර්මය මට ත් අහන්ට ලැබුණා. ඒ සද්ධර්මයඅවබෝධ කරගැනීමෙන් තමයි මගේ දරු දුක නැති වුණේ.

එහෙනම් මාත් යනව මිථිලා නගරෙට. අනේ, ඒභාග්‍යවතුන් වහන්සේ මාව ත් සියලූ දුකින් මුදවා ගන්නාසේක් නම් කොයි තරම් හොඳ ද? ඒ බ්‍රාහ්මණය ත් හැමදුකින් නිදහස් වුණා. නිකෙලෙස් බුදු සමිඳුන් ව දැකගත්ත.

සියලූ දුකින් එතෙර වුන බුදු සමිඳුන් එයාට ත්සද්ධර්මය දේශනා කළා. දුක ත්, දුකේ හට ගැනීම ත්,දුකේ ඉක්ම යාම ත්, ඒ දුක් සංසිඳුවන මාර්ගය වූ ආර්යඅෂ්ඨාංගික මාර්ගය ත් කියල දුන්නා.

එයා සද්ධර්මය අවබෝධ කරගත්ත. මහණ වෙන්ටකැමැත්තක් ඇති වුණා. ඒ සුජාත බ්‍රාහ්මණයා තුන් රැයක් ඇතුළත ත්‍රිවිද්‍යාව ලබාගත්ත.

පින්වත් රියැදුර, මෙහෙ එන්න. දැන් ඔයා ගෙදරයන්න. මේ රථය බැමිණියට දෙන්න. මං සනීපෙන් ඉන්නබව කියන්න. දැන් ඒ සුජාත බ්‍රාහ්මණයා මහණ වෙලාඉන්නෙ. තුන් රැයක් ඇතුළත එයා ත්‍රිවිද්‍යාව ලබාගත්තකියල කියන්න.

එතකොට ඒ රියැදුරා, රථය ත්, කහවණු දාහකුත්අරගෙන ගිහින් බැමිණියට දුන්න. බ්‍රාහ්මණයා ගේ නීරෝගීකම ගැන ත් කිව්ව. දැන් සුජාත බ්‍රාහ්මණයා තුන් රැයක්ඇතුළත ති්‍රවිද්‍යාව ස්පර්ශ කළ බව ත් කිව්ව.

පින්වත් රියැදුර, අපේ බ්‍රාහ්මණතුමා ත්‍රිවිද්‍යාවලබාගත් බව දැන ගන්ට ලැබුණ නිසා මේ අශ්ව රථය ත්,කහවණු දාහ ත් පිං පඬුරක් හැටියට මං දැන් ඔයාට මදෙනව.

පින්වත් බ්‍රාහ්මණිය, මේ අශ්ව රථය ත් කහවණුදාහ ත් ඔබතුමිය තියාගන්න. මාත් ඒ උත්තම ප්‍රඥා ඇතිබුදු සමිඳුන් ළඟ මහණ වෙන්ට යනවා.

(මව් බැමිණිය) දුවේ, සුන්දරී, ඔයාගෙ තාත්ත, මේඇත්තු, අශ්වයො, හරකබාන, මුතු මැණික්, ගේ දොරසම්පත් ඔක්කොම අත්හැරල මහණ වුණා. දැන් මේඔක්කොම සම්පත් ඔයා අනුභව කරන්න. අපේ පවුලේදායාදය අයිති ඔයාට නෙ.

(අම්මේ) මගේ තාත්තා පුත්‍ර ශෝකයෙන් ගොඩාක්දුක් වින්ඳා. අන්තිමේ දී මේ ඇත්තු, අශ්වයෝ, හරකබාන,මුතු මැණික් මේ සුන්දර ගිහි සම්පත් ඔක්කොම අත්හැරල දාල මහණ වුණා. සහෝදර ශෝකෙන් දුක් විඳින මාත්මහණ වෙනවා.

දුවේ සුන්දරී, ඔයා ත් බලාපොරොත්තුව ඉන්නෙඋතුම් මහණ ජීවිතේ නම්, ඔයා ගේ ඒ නෙක්ඛම්ම සංකල්පයඉෂ්ට වේවා! ගෙයක් ගානෙ ඇවිද ගෙන ගිහින් තමයිපිණ්ඩපාතෙ කරගන්ට තියෙන්නෙ. පාංශුකූල සිවුරු තමයිපොරව ගන්ට තියෙන්නෙ. මේවා ලබාගෙන නිකෙලෙස්ජීවිතයක් ඇති කර ගන්න.

ආර්යාවනි, එතකොට මං තව ම ත් සික්ඛමානාවක්. (උපසම්පදාව පුහුණු වන සාමණේරියක්) මං දිවැස් නුවණපිරිසිදු කරගත්ත. ඉස්සර මං ගත කළ ජීවිතේ ගැන දැනගන්න පුබ්බේනිවාස ඤාණය ලබාගත්ත.

භික්ෂුණී සංඝයා ව ශෝභමාන කරන, කළ්‍යාණමිතුරිය වන ආර්යාවෙනි, මං ඔබතුමිය නිසයි ත්‍රිවිද්‍යාවලබාගත්තෙ. බුදු සසුන සම්පූර්ණ කරගත්තෙ.

ආර්යාවෙනි, මට ත් අවසර දෙන්ට, මං කැමති යිසැවැත් නුවරට යන්ට. ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳාණන් ඉදිරියේසිංහ නාද කරන්ට මාත් කැමැති යි.

සුන්දරී, එහෙනම්, ඔයා, ඒ රත්තරන් පාටින් බබලනශාස්තෘන් වහන්සේ ව බැහැ දකින්න. නො දැමුනු උදවියදමනය කරන, කිසි ලෙසකිනුත් බිය නැති ඒ බුදු සමිඳුන්ව දැකගන්න.

සුන්දරී, ඔය ත්, හැම දුකින් ම මිඳුනු, කෙලෙස්රහිත වූ වීතරාගී වූ, කිසි ම දෙයක් සමග එක් නො වූසදහම් මඟ වඩා අවසන් කළ, කෙලෙස් රහිත බුදු සමිඳුන්ව දැක බලාගන්න.

මහා වීරයන් වහන්ස, මං බරණැසින් පිටත් වෙලාඔබ වහන්සේ ව බැහැ දකින්ට ආවේ. මං ඔබ වහන්සේගේ ශ්‍රාවිකාවක් වූ සුන්දරී. මං ඔබ වහන්සේ ගේ සිරි පාකමල් වන්දනා කරන්නම්.

බ්‍රාහ්මණ මුනිඳාණනි, ඔබ වහන්සේ බුද්ධ වනසේක. ශාස්තෘ වන සේක. මම ත් ඔබ වහන්සේ ගේහදවතින් ඉපදුනේ, ඒ නිවන් මගින් ඉපදුනේ. නිවන් මගසම්පූර්ණ කරගෙන, නිකෙලෙස් වූ දියණියක්.

සොඳුරු තැනැත්තී, ඔබ ගේ ඔය පැමිණීම ඉතායහපත්. අයහපත් පැමිණීමක් නම් නො වේ. දමනයට පත්වෙච්ච ශ්‍රාවිකාවන් ඔය විදිය ම තමයි. වීතරාගී ව කිසිවක්හා එක් වෙන්නෙ නැතිව, නිවන් මග සම්පූර්ණ කරගෙන,නිකෙලෙස් සිතින් ශාස්තෘන් වහන්සේ ගේ පා යුග වඳින්ටඑනවා.

මේ වනාහී සුන්දරී නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.