ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
13 වීසතිනිපාතො
13.5. රන්කරුවෙකු ගේ දියණිය වන සුභාතෙරණිය ගේ ගාථා
එතකොට මං හොඳ කරුණ වයසෙ හිටියෙ. සුදුඇඳුමක් ඇඳ ගෙන බුදු සමිඳුන් ගෙන් සද්ධර්මය අසාගන්ටමාත් ගියා. එතැන දී අප්‍රමාදී ව සිහිනුවණ යොමු කරනකොට මට ආර්ය සත්‍ය අවබෝධය ඇති වුණා.
එතැන ඉඳල මට කාමයන් ගැන ඇති වුණේඅරතියක් ම යි. පංච උපාදානස්කන්ධ ගැන නන්දිරාගයපැවතීම මං දැක්කේ භයජනක දෙයක් හැටියට යි. ඉතින්මං මහණ වෙන්ට කැමැති වුණා.
අන්තිමේ දී නැදෑයන් ව ත්, දැසි දස්සන් ව ත්,කම්කරුවන් ව ත්, සරුසාර කුඹුරු වතුපිටි ත්, සිත්කළු,සිත් පුබුදුවන සැප සම්පත් ඔක්කොම අත්හැරිය.
මේ විදියට මං ගොඩක් සැප සම්පත් අත්හැරිය.ඉතා පැහැදිලි ව නිවන් මඟ පෙන්වා දෙන මේ ශාසනයතුළ මං මහණ වුණේ ශ්‍රද්ධාවෙන් ම යි. ඒ නිසා මටආයෙමත් රන් රිදී වැඩ කිරීම සුදුසු නෑ. මං පතමින්ඉන්නෙ නිවන ම යි.
රන් රිදී බඩු අත් හැරියට පස්සෙ, එයා ආයෙත් ඒවඅරගත්තොත් ඒක එයාට වන ලොකු අත්වැරැද්දක්. ආර්යසත්‍යාවබෝධයට රන් රිදී උපකාර වෙන්නෙ නෑ. සැනසීමටහේතු වන්නෙ නෑ. අනික, ඒ දෙය ශ්‍රමණයන්ටගැළපෙන්නෙ ත් නෑ. ඒක ආර්ය ධනයකුත් නො වේ.
එයින් කර දෙන්නෙ ලෝභකම ඉපදවීම විතර යි.අහංකාර කම ඉපදවීම විතර යි. ඊට පස්සෙ මුළා වෙනව.කෙලෙස් වැඩෙනව. සැක සංකා වැඩෙනව. ගොඩක් කරදරඇති වෙනව. ස්ථිරසාර දෙයක් එතන ඇත්තෙ නෑ.
මිනිස්සු ඕවට ඇලෙනව. ප්‍රමාද වෙනව. සිත් කිලූටුකරගන්නව. එකිනෙකාට විරුද්ධ ව නැගී සිටිනව. බොහෝකෝලහල ඇති කරගන්නව.
ඔය කාමයන්ට බැහැගෙන ඉන්න උදවිය ළඟ දකින්ටතියෙන්නෙ, නොයෙක් වද බන්ධන විතර යි. නොයෙක්කෙලෙස්, හැ`ඞීම් වැලපීම් විතර යි. නොයෙක් කරදරවිතර යි.
ඉතින් ඔයාල මගේ නැදෑයන් වෙලා ඉඳගෙන ත්,මගේ හතුරු පිරිසක් වගේ මාව කාමයට ම යොදවන්ට හදන්නෙ ඇයි?
රන් කහවණුවලින් ආශ්‍රවයන් ක්ෂය වෙන්නෙ නෑ.කාමයන් තමයි සැනසීමට විරුද්ධ සතුරො, වධකයෝ.මිතුරෝ නම් නොවේ. ශෝක හුල් හිත්වලට බඳින්නෙ මේකාමයන් තමයි.
ඉතින් ඔයාල මගේ නෑදෑයන් වෙලා ඉඳගෙන ත්,මගේ හතුරු පිරිසක් වගේ මාව මේ කාමයට ම යොදවන්ටහදන්නෙ ඇයි? තේරුම් ගන්න මාව. මං හිස මුඩු කරපු,දෙපට සිවුරක් පොරව ගෙන ඉන්න, මහණ වෙච්චකෙනෙක්.
ජීවත් වෙන්නෙ ගෙයක් ගානෙ පිණ්ඩපාතෙකරගෙන. පොරවන්නෙ පාංශුකූල චීවර. ඉතින් මටගැලපෙන්නෙ ඒ වගේ පැවිදි පිරිකර විතර යි.
මහා ඉසිරු දිව්‍ය මානුෂික හැම කාමයක් මඅත්හැරල දානව. උන්වහන්සේලා ඉන්නෙ නිවන කියනක්ෂේම භූමියේ. විමුක්තියට පත් වුණ සිත් ඇතිව. අචලසැපයට පත් වෙලා ඉන්නෙ.
කාමයන් සමඟ මගේ කිසි ම ගණුදෙනුවක් නෑ.මට ඔය කාමයන් තුළ කිසි ම ආරක්ෂාවක් පෙනෙන්නෙනෑ. කාමයන් කියන්නෙ මිතුරන් පිරිසක් නො වේ.වධකයෝ. ගිනි කඳු වගේ දුක් තියෙන්නෙ.
මේ කාමයන් කියන්නෙ බියක් ම යි. කරදරයක් මයි. පීඩාවක් ම යි. මහා වධයක් ම යි. අපිරිසිදු දෙයක් ම යි.විෂම දෙයක් ම යි. මුළා කරවන දෙයක් ම යි. ජනතාවරවටන ලොකු ම දොරටුව යි.
මේ කාමයන් කියන්නෙ භයානක උවදුරක්. භයානකසර්පයෙකු ගෙ ඔළුව පැත්ත වගේ. අන්ධබාල පෘථග්ජනසත්වයන් මේ කාමයන් පිළිගන්නෙ හරි ම ආශාවෙන්.
කාම මඩ ගොහොරුවේ ඇලිල ඉන්න මේ බොහෝසත්වයන් අවිද්‍යා සහගත ව යි ඉන්නෙ. මේ ඉපදෙනමැරෙණ ලෝකෙ අවසානයක් ඔවුන්ට කවදාවත් දැක ගන්ටලැබෙන්නෙ නෑ.
මිනිස්සු ඔය කාමයන් නිසා බැසගෙන ඉන්නෙදුගතියට වැටෙන පාරවල්වල. තම තමන්ට බොහෝ රෝගඋපදවා දෙන කාමයන් තුළ ම යි ඔවුන් බැසගෙන ඉන්නෙ.
මේ කාමය විසින් බිහි කරන්නෙ හතුරන් ව යි. දුක්තැවුල් ඇති කරවනව. සිත කිලූටු කරවනව. ලෝකයාපිනවන එක ම අරමුණ බවට පත් කරවනව. කෙලෙසුන්ටබන්දනව. මරණයට ත් බැඳෙනව.
මේ කාමයන් විසින් පිස්සු හදවනව. උතුවෙන්දොඩවන්ට සලස්වනව. සිත් කළඹවා දමනව. සත්වයන්කෙලෙසා දමනව. මාරයා විසින් අටවපු උගුලක් වගෙයි.
මේ කාමයන් තුළ අනන්ත ආදීනව තියෙනව. බොහෝදුක් තියෙනව. බොහෝ විස තියෙනව. ආශ්වාදය හැටියටතියෙන්නෙ චුට්ට යි. නමුත් ගොඩාක් රාගය ඇති කරවනව.කුසල් දහම් වියළවා දානව.
මේ කාමයන් නිසා හට ගන්න මහා දුක් ගොඩපේනකොට කාමයන් ගෙ පැත්තට නම් ආපසු හැරිලයන්නෙ නෑ. මං හැමදා ම නිවනේ ම ඇලිල යි වාසයකරන්නෙ.
මං කැමැති අරහත්වයට යි. කාමාශාව මං අත්හැරිය.සියලූ බන්ධනයන් නැති කරල මං අප්‍රමාදී ව යි ඉන්නෙ.
මහා ඉසිවරු ත් සසරින් එතෙරට වැඩියේ ඒමාර්ගයෙන් ම යි. ඉතින් මාත් ශෝක නැති කෙලෙස්නැති, බියක් නැති, සෘජු මාර්ගය වන ඒ ආර්ය අෂ්ටාංගිකමාර්ගයේ තමයි ගමන් කරන්නෙ.
ධර්මයේ සිත පිහිටුවා ගෙන ඉන්න මේ සුභා දිහා,රන්කරුවා ගේ දුව දිහා බලන්න. ඇය ඉන්නෙ තණ්හාවෙන්තොරව. අරහත්වය ලබා ගෙන ඉන්නෙ. ඇය ගස් සෙවනේභාවනා කරනව.
මං මහණ වෙලා අදට දවස් අට යි. ශ්‍රද්ධාවන්ත වූ,සද්ධර්මය නිසා සුන්දර වූ, උප්පලවණ්ණා භික්ෂුණිය තමයිහික්මෙව්වෙ. මාරයා ව බැහැර කරල මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්ත.
මේ සුභා භික්ෂුණිය දොස් රහිත යි. ණය රහිත යි.වඩන ලද ශ්‍රද්ධා ආදී ඉඳුරන් ගෙන් යුක්ත යි. සියලූබැඳීම්වලින් නිදහස් නිවන් මග සම්පූර්ණ කරගෙන ඉන්නෙ.හරි ම නිදහස්.
දෙව් ලොව අධිපති ශක්‍රයා දෙව් පිරිස පිරිවරා ගෙනඉර්ධියෙන් ඇවිදින් සුභා නමැති රන්කරුවා ගේ දියණියට යි ඒ වඳින්නෙ.
මේ වනාහී රන්කරුවෙකු ගේ දියණිය වන සුභා නම් රහත්තෙරණිය වදාළ ගාථාවන් ය.
විසිවෙනි නිපාතය නිමා විය. (ගාථා විස්ස බැගින් වදාළ කොටස නිමා විය)