ඛුද්දක නිකාය

රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා

14 තිංසනිපාතො

14.1. ජීවක අඹ වනයේ වාසය කළ සුභාතෙරණිය ගේ ගාථා.

එදා සුභා තෙරණිය ලස්සන ජීවක අඹ වනය ඇතුලේයමින් සිටියා. එතකොට සල්ලාල මිනිහෙක් ඇවිත් ඇගේගමන් මාර්ගය හරස් කරල හිටගත්ත. සුභා තෙරණිය ඔහුටමෙහෙම කිව්ව.

ආයුෂ්මත, මං ඔබට මොකක් ද කරපු වැරැද්ද? මංයන ගමන් මාර්ගය අවුරාගෙන ඉන්නෙ ඇයි? මහණ වෙච්චතැනැත්තියක් විසින් පිරිමියෙක් ස්පර්ශ කිරීම කැප දෙයක්නම් නො වේ.

මං ශාස්තෘ ශාසනය ගැන ඉතා ම ගෞරවයෙන්ඉන්න කෙනෙක්. සුගතයන් වහන්සේ අපට සිල් පද කියාදීල තියෙන්නෙ. මං ඒ සිල්පද පිරිසිදු විදියට ආරක්ෂාකරනව. මං ගෙවන්නෙ නිකෙලෙස් ජීවිතයක්. ඉතින් මංයන මාර්ගය අවුරා ගෙන ඉන්නෙ ඇයි?

ඔබට තියෙන්නෙ කැළඹුණු සිතක්. මට තියෙන්නෙනො කැළඹුණු සිතක්. ඔබ කෙලෙස් සහිත කෙනෙක්.එහෙත් මං කෙලෙස් රහිත, කෙලෙස් තියෙන හැම දේකින්ම නිදහස් වුණ කෙනෙක්. ඉතින් එබඳු මං යන මාර්ගයඅවුරා ගෙන ඉන්නෙ ඇයි?

(සල්ලාලයා) නෑ. ඔයා තව ම ත් තරුණ යි. ළාමක නෑ. ඔය මහණ ජීවිතෙන් මොනව කරන්ට ද? පැත්තකටදමන්න ඔය කසාවත. එන්න, මේ මල් පිපී ගිය වනාන්තරේඅපි කම් සැප විඳිමු.

හැම තැන ම හමා යන්නෙ මිහිරි සුවඳ තියෙනසුළඟ. මේ රුක් පඳුරු තියෙන්නෙ මල් රේණුවලින් හැදුනවගේ. තව ම මේ වසන්ත සෘතුවේ මුල් කාලෙ. හරි මසනීප දේශගුණයක්. ඉතින් එන්න, අපි මේ මල් පිපී ගියවනාන්තරේ කම් සැප විඳිමු.

අතු අග ලස්සනට මල් පිපිලා. සුළඟින් තාලෙටසෙලවි සෙලවි තියෙන්නෙ සිංදු කියනව වගේ. ඉතින්තනිපංගලමේ වනාන්තරයට ආපු ඔයා ආස කරන්නෙමොනවට ද?

මෙහෙ වන සතුන් ඉන්නව. මද කිපුන ඇත්තු ඉන්නව.ඇතින්නියො ඉන්නව. මිනිස්සු කව්රුත් නෑ. ඉතින් මේභයානක වනාන්තරේ තනිපංගලමේ යන්න ද ඔයාකැමැති?

ඔයා ගැන උපමා කියන්ට ත් බෑ. සිනිඳු කසී සළුවෙන්සරසපු රත්තරන් රූපයක් වගෙයි. චිත්‍රරථ වනයේ සරසපුරත්තරන් රූපයක් වගෙයි. චිත්‍රරථ වනයේ ඉන්න දිව්‍යඅප්සරාවක් වගේ.

ඇත්තෙන් ම මං ඔයාට වශී වුණා. අපි මේ වනාන්තරේඑකතු වෙලා ඉඳිමු. ඔයාට තියෙන්නෙ ලස්සන කිඳුරියකගේ මඳලස බැල්මක්. ඔයා තරම් මගේ සිත බැඳිල ගියවෙන කෙනෙක් මට නෑ.

ඉතින් ඔයා මං කියන දේ කරනව නම්, අපේ ගෙදර යමු. අපි සතුටින් ඉඳිමු. හොඳට ජනේල තියෙන සුන්දරගෙයක් ලැබෙනව ඔයාට. ඔයාට උපස්ථාන කරන්නකාන්තාවෝ ත් ඉන්නව.

එතකොට ඔයාට පුළුවන් සිනිඳු කසී සළු පොරවන්ට.මල් සුවඳ විලවුන්වලින් සිරුර සරසන්ට. රන් මුතුමැණික්වලින් කරපු ආභරණවලින් සැරසෙන්ට.

ඒ නිවසෙ තියෙනව හොඳට සෝදල දූවිලි ඉවත්කරපු උඩු වියන් තියෙන, අලූත් ලොම්වලින් කරපු ඇඳඇතිරිලි දාල, හරි ම සනීප මෙට්ටයක් දාල සඳුන් ලීයෙන්කරවපු ඇඳක්. ඔයාට පුළුවන් ඒ ඇඳේ සනීපෙට නිදාගන්ට.

දැන් මේ මොකක් ද? දැන් ඔයා ගේ ජීවිතේ රාස්සයෙක්අරක් ගත්ත, මහනෙල් මල් පිපිච්ච විලක් වගේ. ඔයා ගේඔය බ්‍රහ්මචාරී සීලෙ නිසා ඔය ශරීරය කව්රුවත් පරිභෝගනො කර ම ජරාවට පත්වෙලා යාවි.

(සුභා) කුණු ගොඩවල් පිරිල තියෙන මේ ශරීරයගැන, අමු සොහොන ම පුරවන මේ ශරීරය ගැන, ඔබ ඔයවිදියට සාර වශයෙන් දකින්නෙ කොහොම ද? බිඳී යනස්වභාවයෙන් යුක්ත මේ ශරීරය ගැන දකින කොට මටනම් ඇති වෙන්නෙ කළකිරීම ම යි.

(සල්ලාලයා) ඔයා ගෙ ඇස් දෙක මුව අඟනක ගේවගේ ලස්සන යි. කඳු අතරේ ඉන්න කිඳුරියක ගේ වගේලස්සන යි. ඔයා ගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙනඉන්න කොට, මගේ හිතේ ඇති වෙන්නෙ ආශාව ම යි.

ඔයා රත්තරනින් කරපු රූපයක් වගෙයි. ඔය මුහුණේතිබෙන ලස්සන ඇස් දෙක රතු මහනෙල් පෙති වගෙයි. ඔයා ගෙ ඔය ඇස් දෙක දිහා මං බලාගෙන ඉන්න කොට,මගේ හිතේ ඇතිවෙන්නෙ ආශාව ම යි.

දිගු දෑස් ඇති ඔයා, ලස්සනට පෙනෙන ඔයා, කිඳුරියකගේ වගේ මඳක් පිබිදුනු ඇස් ඇති ඔයා, කොයි තරම් දුරගිය ත් මට ඔය ඇස් දෙක මතක් වෙනව. මං ඔය ඇස්දෙකට තරම් වෙන කිසි දේකට ආස නෑ.

ආයුෂ්මත, ඔබ වැරදි පාරක යි යන්ට හදන්නෙ. ඔබසඳමඬල යි කෙළි බඩුවක් කරගන්ට හදන්නෙ. ඔබමහමේරු පර්වතේ උඩින් පැනල යන්ට යි හදන්නෙ. මාවතේරුම් ගන්න. ඔබ ඔය පතන මං බුදු රජාණන් වහන්සේගේ දියණියක්.

මං තුළ රාගයක් ඇති කරවන්ට පුළුවන් කිසි මඅරමුණක් මේ දෙවියන් සහිත ලෝකයේ නෑ. රාගයකියන්නෙ මොන වගේ දෙයක් ද කියල ව ත් මං දැන්දන්නෙ නෑ. නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින්ම නැති කරල දැම්ම.

ගිනි අඟුරු වලක් සුළඟින් නිවිල යනව වගේ, විෂභාජනයක් වනසල දමනව වගේ, රාගය නැති කරපු මංදැන් ඒ රාගය මොන වගේ දෙයක් ද කියලවත් දන්නෙ නෑ.නිවන් මාර්ගයේ ගමන් කරපු මං රාගය මුලින් ම නැතිකරල දැම්ම.

නුවණින් කල්පනා නො කරන ගැහැණියක් ව නම්,ශාස්තෘන් වහන්සේ ව ධර්මය තුළින් නොදැකපු ගැහැණියක්ව නම්, අන්න එබඳු ගැහැණියක් ව නම් පොළොඹවාගන්ට පුළුවන් වේවි. නමුත් ජීවිතය අවබෝධ කරපු මාව යිඔබ වෙහෙසවන්නෙ.

මට නින්දා අපහාස කළ ත්, මට වන්දනා කළ ත්, ඒසැප දුක් දෙක අභියස මං සිහියෙන් ඉන්නෙ. මේ හේතූන්ගෙන් සකස් වෙච්ච දේවල් මං අසුභ වශයෙන් අවබෝධකරගෙන යි ඉන්නෙ. ඔය කිසි තැනක මගේ සිතඇලෙන්නෙ නෑ.

මං සුගතයන් වහන්සේ ගේ ශ්‍රාවිකාවක්. මං ගමන්කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති යානයෙන්.මං රාග හුල් උදුරල දැම්ම. ආශ්‍රව නැති කරල දැම්ම. මගේහිත ඇලෙන්නෙ හිස් අවකාශය ඇති කුටියෙ විතර යි.

මං දැකල තියෙනව දර ලීවලින් හදපු ලස්සනටකැටයම් කරපු රූකඩ. නූල් වලින් බැඳපු ඒ රූකඩ එක එකවිදියට නටනව.

ඒ නූල්, දර කැබලි ඔක්කොම කෑලි වලට කඩල දාලතැනින් තැන විසිරුවල දැම්මට පස්සෙ, ආයෙමත් ඒ රූකඩදකින්ට ලැබෙන්නෙ නෑ. ඒ රූකඩවල කොයි කෑල්ලට දසිත පිහිටුව ගන්නෙ.

මේ ශරීරය ත් රූකඩයක් වගේ තමයි. උපකාරකධර්මයන් ගෙන් තොර ව පවතින්නෙ නෑ. උපකාරකධර්මයන් නැතිව නො පවතින මේ ශරීරයේ කවර දෙයකටසිත පිහිටුවා ගන්ට ද?

කලාකාරයෙක් බිත්තියක ඇඳපු චිත්‍රයක් වගෙයි. ස්ත්‍රීරූපයක් බිත්තියක ඇඳල තියෙනව. ඉතින් ඒක, ඇත්තමිනිස් ස්ත්‍රියක් හැටියට පිළිගන්නෙ වැරදි විදිහට හඳුනගන්නනිස යි.

ඔබ අන්ධ කෙනෙක්. විජ්ජාකාරයෙකු ගේ මායාවටහසු වුණා වගේ, සිහිනෙකින් රන් රුවක් දැක ගත්ත වගේ, ජනතාව මැද ඉන්ද්‍රජාලිකයෙක් මවා පෙන්නපු කැඩෙනබිඳෙන රුපයක් දැක්ක වගේ හිස් දෙයකට යි අහුවෙලාඉන්නෙ.

ගහක බෙනයක තියෙන ලාටු වගේ, මේ ඇස්වලතියෙන්නෙ කඳුළු සහිත බුබුලක්. කබ කඳුළු ත් එක්කඑකට මිශ්‍ර වෙලයි තියෙන්නෙ.

ලස්සනට පෙනෙන ඒ සුභා තෙරණිය කිසි ම දෙයකටඇලූනෙ නෑ. නිකෙලෙස් සිතකින් යුක්ත සුභා නිමේෂයකින්ඇගේ ඇසක් උපුටා ගත්ත, ”මෙන්න ඔබේ ඇස, අරගෙන යන්න!” යි ඒ මිනිහට දුන්න.

ඒ ක්ෂණයෙහි ම ඔහු ගේ රාගය දුරුවෙලා ගියා.එතැන ම වැඳ වැටුණා. සුභාගෙන් සමාව ගත්ත. ”බ්‍රහ්මචාරීපින්වතිය, ඔබ සුවපත් වේවා! ආයෙත් නම් මෙහෙම දෙයක්සිද්ධ වෙන්නෙ නෑ.”

මෙවැනි උතුම් කෙනෙක් එක්ක ගැටෙන්ට ගියොත්ඒක දැල්වෙන ගින්න වැළඳගන්නව වගේ වැඩක්. විෂ ඝෝරසර්පයෙක් අතින් අල්ලනව වගේ වැඩක්. සැපක් නම් ඇතිවෙන්නෙ නෑ. අනේ අපට සමාව දෙන්න.

ඒ භික්ෂුණිය ඒ සල්ලාලයා ගෙන් නිදහස් වුණා.ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳාණන් සමීපයට පැමිණුනා. උත්තමපුණ්‍ය ලක්ෂණ වලින් යුක්ත බුදු සමිඳුන් දකින විට මඇගේ ඇස කලින් වගේ ම ප්‍රකෘතිමත් වෙලා සුවපත්වුණා.

මේ වනාහී ජීවක අඹ වනයෙහි වාසය කළ සුභා නම් රහත්තෙරණිය වදාළ ගාථාවන් ය.

තිස්වෙනි නිපාතය නිමා විය. (ගාථා තිහ බැගින් වදාළ කොටස නිමා විය)