ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
9 නවකනිපාතො
9.1. වඞ්ඪමාතා තෙරණිය ගේ ගාථා
පුතේ වඞ්ඪ, මේ ලෝකය තුළ ඔයාට කෙලෙස්වනයක් නම් හට ගන්ට එපා! පුතේ, ආයෙ ආයෙමත්උපදින මේ දුකට නම් හිමිකාරයෙක් වෙන්න එපා!
වඞ්ඪ, කෙලෙස් නැති කරපු, සැකසංකා නැති කරපුමුනිවරු සැප සේ වාසය කරනව. ඒ නිකෙලෙස් මුනිවරුදමනය වෙලා සිසිල් වෙලා ඉන්නෙ.
වඞ්ඪ, ඔයත් ඒ ඉසිවරුන් පුරුදු කරපු මාර්ගයේයන්න. ධර්මාවබෝධය කරගන්න. දුක් අවසන් කිරීම පිණිසපුහුණු වෙන්න.
අම්මේ, මට ඔයා ධර්මය කියා දෙන්නෙ විශාරදකෙනෙක් විදියට. මගේ අම්මේ, ඇත්තෙන් ම ඔයා තුළකෙලෙස් වනයක් දැක ගන්ට නෑ.
වඞ්ඪ, ලාමක, උසස්, මධ්‍යම කිසි ම සංස්කාරයක්ගැන අණුවක ප්‍රමාණයෙන් වත්, අනුමාත්‍රයක ප්‍රමාණයෙන්වත් තණ්හාවක් මං තුළ නෑ.
මං අප්‍රමාදී ව ධ්‍යාන වැඩුව. මගේ සිතේ තිබුණඔක්කොම ආශ්‍රවයන් ගෙවිල ගියා. ත්‍රිවිද්‍යාව ලබා ගත්ත.බුදු සසුන සම්පූර්ණ කරගත්ත.
ඇත්තෙන් ම මගේ අම්මා ඒ කිව්වේ, ශ්‍රේෂ්ඨවචනයක් ම යි. මහත් අනුකම්පාවෙන් උතුම් අර්ථ ඇතිමට අවවාද කළා.
අම්මා කියා දුන්න උතුම් වචන අසා දැනගත්ත. ඒඅනුශාසනාවේ පිහිටිය. නිවන් අවබෝධ කර ගැනීම පිණිසසංවේග උපදවා ගත්ත.
දිවා රෑ දෙකේ ම මං ගොඩක් මහන්සි වුණා. දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරුණා. ධර්ම සංවේගයඋපදවා ගත්ත.
මේ වනාහී වඞ්ඪමාතා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
නවවෙනි නිපාතය නිමා විය. (ගාථා නවය බැගින් වදාළ කොටස නිමා විය)