ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
8 අට්ඨකනිපාතො
8.1. සීසූපචාලා තෙරණිය ගේ ගාථා
ඒ භික්ෂුණිය හරි ම සිල්වත්. ඉඳුරන් සංවර කරගෙන ඉන්නෙ. ස්වභාවයෙන් ම මිහිරි වූ නිවන් රස ඇයසාක්ෂාත් කළා.
(මාරයා) තව්තිසා, යාමය, තුසිතය, නිම්මාණරතී,පරනිම්මිත වසවත්තී ආදී දිව්‍ය ලෝකවල දෙවිවරු ඉන්නව.ඔයා ඉස්සර හිටියෙත් ඒ ලෝකවල නෙ. ඉතින් ඔයාටපුළුවන් නෙ ඒ ලෝකවල හිත පිහිටුවාගන්න.
(ඒයි මාරය) තව්තිසා, යාම, තුසිත, නිම්මාණරතී,පරනිම්මිත වසවත්ති ආදී ලෝකවල ඉන්න දෙවිවරු,
කලින් කලට භවයෙන් භවයට යන්නෙ මේ පංචඋපාදානස්කන්ධය ම පෙරටු කරගෙන යි. ඔවුන්ට පංචඋපාදානස්කන්ධය ඉක්මවා යන්ට බෑ. ඔවුන් ගමන්කරන්නේ ඉපදෙන මැරෙන සංසාරේ.
හැම ලෝකයක් ම කෙලෙස්වලින් ගිනි ඇවිලෙනව.හැම ලෝකයක් ම කෙලෙස්වලින් ගිනි ඇවිලි ඇවිලි තමයිතියෙන්නෙ. හැම ලෝකයක් වටේ ම විහිදෙන්නෙ කෙලෙස්ගිනි දැල්. හැම ලෝකයක් ම කම්පා වෙන්නෙ කෙලෙස්වලින්.
එහෙත් බුදු සමිඳුන් අකම්පිත යි. අසහාය කෙනෙක්.උන්වන්සේ ව ඇසුරු කරන්නෙ පෘථග්ජන නො වනසත්පුරුෂයින් විසිනු යි. උන්වහන්සේ තමයි ධර්මය දේශනාකළේ. මගේ මනසේ නිතර පවතින්නෙ ඒ ධර්මය යි.
උන්වහන්සේ ගෙන් උතුම් වචන අසා දැනගත්තා.මං බුදු සසුනෙ ඇලී වාසය කළා. ත්‍රිවිද්‍යාව ලබා ගත්ත.බුදු සසුන සම්පූර්ණ කරගත්ත.
හැම දෙයක් ගැන ම ඇති තණ්හාව නැති කරලදැම්ම. මෝහාන්ධකාරය බිඳල දැම්ම. මාරය, ඔන්න ඔයවිදියට යි ඔය කරුණ දැනගන්ට ඕන. මාරය ඔය කරුණේදී නැසුණේ ඔබ යි.
මේ වනාහී සීසූපචාලා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
අටවෙනි නිපාතය නිමා විය. (ගාථා අට බැගින් වදාළ කොටස නිමා විය)