ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
16 මහා නිපාතය
16.1. සුමේධා තෙරණිය ගේ ගාථා.
මන්තාවතී නගරේ, කොඤ්ච රජ්ජුරුවන් ගේඅගමෙහෙසියට දුවක් හිටියා. එයා ගෙ නම සුමේධා. එයාබුද්ධ ශාසනය ගැන ගොඩක් පැහැදිලා හිටියෙ.
ඇත්තෙන් ම එයා සිල්වත්. ලස්සනට කතා කරන්නදන්නව. ඒ වගේ ම බහුශ්‍රැත යි. බුදු සසුනේ හික්මිලාඉන්නෙ. ඉතින් එයා දෙමාපියන් ළඟට ගිහින් මෙහම කීවා.”ඔයාල දෙන්න ම මං කියන දේ අහන්න.”
”මං කැමති නිවනට විතර යි. දෙව් ලොව ඉපදුනත් ඒභවය ස්ථීර නෑ. මිනිස් ලෝකෙ කාම සම්පත් ගැන කථාකරන්න දෙයක් නෑ. ඒවා තුච්ඡු යි. පුංචි ආශ්වාදයක්තියෙන්නෙ. ආදීනව ම යි වැඩි.”
මෝඩ ජනතාව කාමයෙන් මුසපත් වෙලා හිටියත්,කාමයන් හරි ම කටුක යි. භයානක සර්ප විෂ වගෙ යි.මෝඩ ජනතාව කාමයන් පස්සෙ ගිහින් අන්තිමේ දී නිරයේවැටිල අනන්ත දුක් විඳිනව.
පාප බුද්ධි ඇති කරගෙන පව් කරල, සිත, කය වචනයන තුන් දොරින් ම පව් කරල නිරයේ ඉපදිලා ශෝකකරනව.
ප්‍රඥාවක් නැති, සිතීමේ හැකියාවක් නැති ඒ මෝඩජනතාව දුක්ඛ සමුදයේ බැස ගෙන සංසාරෙට අහුවෙලාඉන්නව. ආර්ය සත්‍ය ධර්මයක් දේශනා කරල තිබෙද්දී ත්ඒව තේරුම් ගන්නෙ නෑ. අවබෝධ කරගන්නෙ නෑ.
අම්මේ, ශ්‍රේෂ්ඨ වූ බුදු සමිඳුන් දේශනා කොට වදාළචතුරාර්ය සත්‍ය නො දන්න ජනතාව ම යි වැඩියෙන්ඉන්නෙ. ඔවුන් ගොඩාක් කැමති දෙව් ලොවක ආයෙමත්උපදින්ට යි.
භවයට අයිති හැම දෙයක් ම අනිත්‍ය යි. ඉතින් දිව්‍යලෝකවල උපත ත් අනිත්‍යය යි. නමුත් අඥාන ජනතාවආයෙ ආයෙමත් උපදින්ට කිසි ම බයක් නෑ.
සතර අපායකින් යුක්ත මේ ලෝකෙ දෙව්-මිනිස්ලෝකවල ඉපදීම ත් දුක සේ ම යි ලැබිය යුත්තේ. අපායේ,නිරයේ ඉපදුන කෙනෙකුට එහෙදි මේ වගේ උතුම් පැවිද්දක්නෑ.
ඉතින්, ඔයාල දෙන්න ම මට අවසර දෙන්ට, දසබලඇති බුදු සමිඳුන් ගේ සසුනේ මහණ වෙන්ට. මේ ඉපදෙනමැරෙන සංසාරෙ නැති කරන්ට මං ගොඩාක් මහන්සිගන්නම්.
මේ ශරීරය කියන්නෙ අසාර දෙයක්. මේ භවයපිළිගැනීමෙන් සිද්ධ වෙන යහපත මොකක් ද? භවතෘෂ්ණාව නිරුද්ධ කිරීමට ම යි මං මහණ වෙන්නෙ.ඉතින් ඒකට මට අවසර දෙන්ට.
දැන් මේ තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක්. ධර්මයඅවබෝධ කරගන්ට බැරි අවස්ථාවන් ගෙන් මං මිදිලඉන්නෙ. උතුම් අවස්ථාවක් උදාවෙලා තියෙන්නෙ. සිල්වත්බව ත්, බ්‍රහ්මචාරී ජීවිතය ත් දිවි තිබෙන තුරා ම ආරක්ෂාකරගන්නම්.
සුමේධා මව්පියන්ට මේ කාරණෙත් කියා හිටිය. ඉතින්,මට මහණ වෙන්ට අවසර දෙන්නෙ නැත්නම්, මං කෑමකන්නෙත් නෑ. මං මැරිල යනව.
සුමේධා ගේ අම්මා දුකින් හඬන්න ගත්තා. තාත්ත ත්කඳුළු පිරුණු මුහුණින් යුක්ත ව සුමේධාට ගිහි ජීවිතේ ගැන කැමැත්ත ඇති කරන්ට ගොඩාක් මහන්සි වුණා.
දුවේ, ඉතින් නැගිටින්නකො. ඔය විදියට දුක් වෙලාඇති ඵලේ මොකක් ද? අනික මං ඔයා ව ”වාරණවතියේරජතුමාට දීලා තියෙන්නෙ. ඒ අනීකදත්ත රජු ත් හරිලස්සන යි. ඔයා ව දුන්නෙ ඒ රජතුමාට යි.”
අනීකදත්ත රජ්ජුරුවන් ගේ බිරිඳ වුණාට පස්සෙඅග්‍රමහේසිකාව වෙන්නෙ ඔයා. දුවේ, ඔය කියන සිල් රැකීම, බ්‍රහ්මචාරී බව, මහණකම ගොඩාක් දුෂ්කර යි.
ඔයාට පුළුවන් අනීක රජ්ජුරුවන් ගේ රාජ්‍ය තුළ ඔයාගේ අණසක පතුරුවන්ට. පතිකුලයට යි ධනයට යි අධිපතිවෙන්ට. එතකොට ඔක්කොම සැප ඔයාට. දුවේ, ඔයා තවම තරුණ යි, කාම සම්පත් අනුභව කරන්න. දරුව, ඔයාගේ විවාහය සිදුවේවා!
සුමේධා ඒ ගොල්ලන්ට මෙමෙ කිව්ව. අසාර වූ භවයටඅයිති කිසි ම දෙයක් මට එපා! එක්කෝ මං මහණවෙනව. නැත්නම් මැරෙනව. විවාහය නම් සිද්ධ වෙන්නෙනෑ.
මේ කුණු ශරීරය අපවිත්‍ර යි. ගඳ ගහනව. බිය ජනකයි. කුණු ගොඩක්. නිතර ම අසුචි වැක්කෙරෙනව. අසුචිපුරවපු භාජනයක් වගෙයි. ඉතින් මං කොහොම ද මේවගේ කුණු කයක් එක්ක එකතු වෙන්නෙ?
මස් ලේ තැවරුන මේ ශරීරය මට අතිශයින් මපිළිකුල්. මං මේ ශරීරය අවබෝධ කරගෙන ඉන්නෙ.පණුවන්ට වාස භූමියක්. ගිජු ලිහිණියන්ට ආහාරයක්. ඉතින්මේ ශරීරය කාට නම් පාවා දෙන්ට ද?
ටික කාලෙකින් විඤ්ඤාණය පහ වෙලා ගියාටපස්සෙ, නෑදෑයො මේ කය පිළිකුල් කරනව. දර කෑල්ලක්වීසි කරනව වගේ සොහොනට ගිහින් දානව.
ඊට පස්සෙ බලූ සිවල්ලූන් ට මේ ශරීරය ගොදුරුවෙලා යනව. සොහොනට ගිහින් ශරීරය දාල ඇවිත්දෙමාපියන් කරන්නෙ ඒක පිළිකුල් කරල වතුර නාන එක.හැම දෙනාට ම පොදු මේ තත්වය ගැන කථා කරන්ටදෙයක් නෑ.
ඇට නහරින් බැඳිල තියෙන්නෙ. කෙළ, කඳුළු, මළ,මූත්‍රා පිරිලා තියෙන්නෙ. ඒ වුණාට මෝඩ ජනතාව මේශරීරයට හරි ආසයි.
මේ ශරීරය වෙන් කරල ඇතුළෙ තියෙන දේවල්ඉවසන්ට බැරිව පිළිකුල් කරනව.
ස්කන්ධ, ධාතු, ආයතන, යන මේවා හේතූන් නිසාහට ගත් බව ත්, ඉපදීමෙන් ඇති වුණ දුකක් බව ත් මමඅවබෝධ කරගෙන ඉන්නෙ. ඒ විදියට නුවණින් විමසනමං කොහොම ද විවාහයකට කැමති වෙන්නෙ?
දවස ගානෙ යකඩ පොලූ පහරවල් තුන්සීයක් කාල,අවුරුදු සියයක් තිස්සෙ ඒ විදියට පොලූ පහරවල් කාලඉවර වුණා ම මේ සංසාර දුක ගෙවිල යනව නම්, මට ඒකත් උතුම්.
ශාස්තෘන් වහන්සේ ඔන්න ඔය විදියට යි පෙන්නලදීල තියෙන්නෙ. ඒ උතුම් වචන දැන දැන ත්, මේ ජරාමරණ වධය පළිගත්තොත්, ආයෙ ආයෙමත් ඉපදෙන්ටසිදු වෙනකොට සංසාරෙ දික් වෙන්නෙ ඒ ගොල්ලන්ට ම යි.
දිව්‍ය ලෝකෙ, මිනිස් ලෝකෙ, තිරිසන් යෝනිය,අසුර නිකාය, පේ්‍රත ලෝකය, නිරය කියන මේ කොහේත්නිමක් නැති පීඩා තියෙන්නෙ.
නිරය, තිරිසන් ලෝකෙ වගේ අපායක වැටුණොත්ගොඩාක් දුක් විඳින්ට සිද්ධ වෙනව. දෙවියන් අතරඋපන්නත් ආරක්ෂාවක් නෑ. ඒ නිසා මේ ලෝකෙ නිවනටවඩා උතුම් වෙන සැපක් නම් නෑ.
දසබල බුදු සමිඳුන් ගේ වචනය අනුව ගමන් කළොත්,ඉපදෙන මැරෙණ සංසාරෙ නැති කරන්ට උත්සාහ කළොත්ඔවුන් නිවනට පත් වෙනවා.
තාත්තෙ, මං අද ම ගිහි ගෙදර අත් හරිනව. මට මේනිසරු සම්පත්වලින් පලක් නෑ. මං මේ කාමයන් අත්හැරියෙවමනෙ දානව වගේ. තල් ගහක මුදුන් කරටියෙන් කඩලදැම්ම වගේ.
එයා පිය රජතුමාට එහෙම කිව්ව. ඒ වන විට,අනීකදත්ත, රජතුමා මේ විවාහය පිණිස වාරණවතී නගරයේඉඳල පිටත් වෙලා යන්ට සූදානම් වුණා.
එතකොට සුමේධා ඇගේ තද නිල්පාට මුදු කෙස්කළඹ කඩුවෙන් කපල දැම්ම. ප්‍රාසාදයේ දොර වහ ගෙනභාවනා කළා. ප්‍රථම ධ්‍යානය උපදවා ගත්තා.
ඇය සමවතට සම වැදුණා. අනීකදත්ත රජතුමාමන්තාවතී නගරෙට ආව. දැන් සුමේධා තම ප්‍රාසාදයේඉඳගෙන ම හොඳට අනිත්‍ය සඤ්ඤාව වඩනව.
ඈ අනිත්‍ය මෙනෙහි කරද්දී, අනීකදත්ත රජතුමා රන්ආභරණවලින් සැරසිලා ප්‍රාසාදයට නැංගා. රජතුමාසුමේධාව ට ඇඳිලි බැඳගෙන මෙහෙම යාඥා කළා.
රාජ්‍යයේ අණසක ත්, ධන සම්පත් ඔක්කොම ත්, යසඉසුරු ත් ඔක්කොම අයිති ඔයාට. ඔයා තව ම තරුණ යි.කාම සම්පත් අනුභව කරන්න. මේ ලෝකේ කාම සම්පත්කියන්නෙ දුර්ලභ දෙයක්.
ඔයාට රජකම පවා පරිත්‍යාග කරල තියෙන්නෙ.කාම සම්පත් අනුභව කරන්න. දන් පැන් දෙන්න. පින්කරන්න. දුක් වෙන්ට එපා. ඔයා ගෙ අම්ම තාත්ත ත් හරිදුකෙන් ඉන්නෙ.
සුමේධා ඔහුට මෙහෙම පිළිතුරු දුන්න. ”ඔයත් ඔයකාමයන්ට ආශා කරන්ට එපා! කාමයන් ගේ ආදීනවදකින්න.
මහාමන්ධාතු කියන සක්විති රජ්ජුරුවෝ සතර මහාදිවයිනට ම අධිපති වෙලා හිටියෙ. කාමයන්ට අග්‍ර වෙලාහිටියෙ. නමුත් එයා මරණයට පත් වුණේ කාමයන් ගෙන්තෘප්තිමත් නො වී ම යි. එයා ගේ ආශාව වත් පිරුනේ නෑ.
සත් රුවන් වැස්සක් ඇද හැලූන ත්, කාමයන් ගැනතෘප්තිමත් නැති මිනිස්සු මැරිල යන්නෙත් අතෘප්තිමත් වම යි.
කාමයන් කියන්නෙ කඩුව යි, මස් වැදැල්ල යි වගේදෙයක්. භයානක සර්පයෙකු ගේ හිස පැත්ත වගේ දෙයක්.ගිනි කන්දක් වගේ දෙයක්. ඇට සැකිල්ලක් වගේ දෙයක්.
කාමයන් අනිත්‍ය යි, අස්ථීර යි. බොහෝ දුක් තියෙනව. ගොඩාක් දුක් තියෙනව. දවස මුළුල්ලේ රත් වෙච්ච යකඩගුලියක් වගෙයි. හැම දුකට මුල. ගහක ගෙඩි වගේ.
ගස්වල ගෙඩි වගේ. මස් වැදලි වගේ. මේ කාමයන්දුකක් ම යි හදන්නෙ. සිහිනෙකින් රැවටුණා වගේ. ණයටඉල්ල ගත්ත දෙයක් වගේ.
මේ කාමයන් විෂ පොවාපු ආයුධ වගේ. වේදනාඇති කරවනව. තුවාලයක් වගේ දුක ම යි හදන්නෙ. මරණයකරා රැගෙන යනව. ගිනි අඟුරු වළක් වගේ බියජනක යි.වධකයෙක් වගේ.
මේ කාමයන් ගොඩාක් දුක යි කියල තියෙන්නෙ.අනතුරුදායක යි. ඒ නිසා ඔයා ආපසු යන්න. තමාටඅයිති කිසි ම දෙයක් භවයේ තියෙනව කියල මං විශ්වාසකරන්නෙ නෑ.
තමන් ගෙ හිස ගිනි ගත්ත වෙලාවට වෙන දෙයක්ගැන සිතන්ට වෙලාවක් නෑ. ජරා මරණ දෙක ලූහු බැඳගෙන එනකොට ඒකෙන් නිදහස් වෙන්ට යි වීරිය කළයුත්තේ.”
මං දොර හැරිය. මං දැක්කෙ දෙමාපියන්ව ත්අනීකදත්ත රජු ව ත් බිම වාඩි වෙලා අඬනව. මං එයාලටමෙහෙම කිව්ව.
මේ සංසාරෙට කෙළවරක් නෑ. තාත්ත ගෙ මරණයේදී සහෝදරයා ගේ වධයේ දී තමන් වධ විඳිද්දී නැවතනැවත හඬ හඬා සිටින අඥාන සත්වයන්ට මේ සංසාරෙදිග යි.
මේ සංසාරෙ කෙළවරක් නැතිව යන ගමනේ දී හැඬූ කඳුළු, බීපු කිරි, ගලා ගිය ලේ කොයිතරම් ද කියල සිහිකරන්න. සත්වයන් ගේ එකතු වෙන ඇටසැකිලි කන්දරාවසිහි කරන්න.
මේ කඳුළු සතර මහා සාගරයට උපමා කරන්න කියලයි බුදු සමිඳුන් වදාළේ. බීපු කිරි ත් ඒ විදියට ම හිතන්නකියල තියෙන්නෙ. ඇට ගොඩ ගැන සිහි කරන්ට කියලතියෙන්නෙ වේපුල්ල පර්වතේට සමාන කරල.
දඹදිවින් යුක්ත මේ පොළොව වෙරළු ගෙඩි ගානටගුලි කරන්න කීව. ඊට පස්සෙ ඒ එක එක ගුලිය වෙන්කරන්න කීව, ‘මේ මගේ මේ ජීවිතේ අම්ම, මේ ඒ අම්මගෙඅම්ම’ කියමින්, ඒ ඒ ගුලි ඉවර වෙලා යනව. අම්මල ඉවරවෙන්නෙ නෑ. ඒ උපමාව සිහි කරන්න.
ලෝකෙ ඔක්කොම ගස් වැල් අරගෙන අඟල් හතරෙකෑලි වලට කඩල ගොඩක් ගහන්ට කිව්ව. ඊට පස්සෙ ඒඑක එක දර කැබැල්ල සංසාරේ තාත්තල වෙනුවෙන් වෙන්කරන්න කිව්ව. ඒත් සංසාරෙ තාත්තල ඉවර වෙන්නෙ නෑඒ උපමාව ත් සිහි කරන්න.
අවුරුදු සීයකට වරක් කන කැස්බෑව මුහුදින් උඩටඑනව. මුහුදේ වැටුණු වියගහක් පාවෙවී තියෙද්දි ඒ වියගහේසිදුරෙන් කන කැස්බෑව ගෙ හිස ඇතුළු වෙලා අහසපේනව වගේ, මනුස්ස ජීවිතේ ලැබීම ඊට ත් වඩා දුෂ්කරයි.
මේ අසාර වූ රූපය පෙණ පිඬක් හැටියට සිහි කරන්න.අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය දෙස බලන්න. නිරයේඇති අනන්ත දුක් සිහි කරන්න.
නොයෙක් ජාතිවල ඉපිද ඉපිද සොහොන් බිම වැඩිකරපු හැටි සිහි කරන්න. කෑමට ඇති ගිජුකම ගැන කියනකිඹුල් බිය සිහි කරන්න. චතුරාර්ය සත්‍ය සිහි කරන්න.
බුදු රජාණන් වහන්සේ නමක ගේ ධර්මයක් තියෙනකාලෙ මේ පංච කාමයන් සොයන්නෙ අසවල් දේකට ද?මේ හැම කාම ආශාවක් ම අතිශයින් ම කටුක යි.
අමා දහම් තියෙන කාලෙ කාම දාහයකින් යුක්ත නම්ඒ කාමයන් අසවල් දෙයකට ද? මේ කාම ඇල්ම ගින්නක්ම යි. අරුත් සුන් දෙයක් ම යි. කම්පාවක් ම යි. තැවීමක්ම යි.
පැවිදි ජීවිතයට සතුරො නෑ. නමුත් කාමයට ගොඩාක්සතුරො ඉන්නව. ඔයාලට මේ කාමයෙන් ඇති ප්‍රයෝජනයමොකක් ද? රජ, ගිනි, සොර, දිය යන මේ ඔක්කොට මකාමයන් ගොදුරු වෙනව. අප්‍රියයන්ට දායාද වෙනව.සතුරෝ හැදෙනව.
අමා නිවන තියෙන කාලෙ, මේ කාමයන්ට බැඳිල,වධ බන්ධන පීඩා විඳින්නෙ මොකට ද? ඔයාලට මේකාමයෙන් ඇති ප්‍රයෝජනය මොකක් ද? මේ කාමයන්ලාමක නිසා ම යි මේ තරම් දුක් කරදර ඇති වෙන්නෙ.
දැල්වෙන හුළු අත්ත අතට ගත්ත විට යි පිච්චෙන්නෙ.අත් හැරියා ම පිච්චෙන්නෙ නෑ. කාමයන් ද අන්න ඒවගේ තමයි. හුළු අත්තක් වගේ. එය අත්හරින තාක් මසත්වයා ව දවනව.
මේ අල්ප වූ කාම සැපයක් නිසා මහත් වූලෝකෝත්තර සැපය අහිමි කරගන්ට එපා!
ඒ නිසා ඇස් කන් ආදී ඉඳුරන් දමනය කරගන්න.බලූ දම්වැලෙන් බැඳපු බලූ කුක්කෙක් වගේ මේ සත්වයන්ව කාමයෙන් බැඳල තියෙන්නෙ. බඩගින්නෙ ඉන්න රොඞීමිනිස්සු බල්ලෙක් ව අල්ල ගෙන මරල දානව වගේ මේකාමයො ත් ඔයාලට ඒ ටික ම යි කරන්නෙ.
ඔයාල අප්‍රමාණ වූ කායික මානසික දුක් දොම්නස්විඳින්නෙ කාමයන් නිසා ම යි. ඒ නිසා මේ අනිත්‍ය කාමයඅත් හරින්න.
මේ කාමයන් තිබුණොත් ඒ හැම භවයෙ ම ඒ හැමඋපතෙ ම තියෙන්නෙ ජරා මරණ විතර යි. නමුත් ජරාරහිත වූ නිවන තියෙන වෙලාවෙ ඔයාලට මේ කාමයන්ගෙන් ඇති ප්‍රයෝජනේ මොකක් ද?
මේ නිවන ජරා රහිත යි. මරණ රහිත යි. අජරාමරවීමට මුල නිවන ම යි. මේ නිවන ශෝක රහිත යි. වැළපීම්රහිත යි. කෙලෙස් සම්බාධ රහිත යි. දුසිරිත් කිලූටු රහිතයි. බිය රහිත යි. තැවුල් රහිත යි.
බොහෝ දෙනෙක් ඒ අමා මහා නිවන අවබෝධකළා. ඉඳින් දැන් පවා බුදු සමිඳුන් වදාළ ක්‍රමයට නුවණින්විමසනව නම් එයාට නිවන් අවබෝධ කරගන්ට පුළුවන්.උත්සාහ නො කළොත් ලැබෙන්නෙ නෑ.
සංසාරෙට ඇල්මක් නැති සුමේධා මෙහෙම කිව්ව. ඒවගේ ම අනීකදත්ත රජුට දැනගන්ට සුමේධා තමන්කඩුවෙන් කපාපු කෙස් වැටිය බිම දැම්ම.
එතකොට අනීකදත්ත රජතුමා නැගිට්ටා. සුමේධාගේ පියරජතුමා දිහාවට දෑත් බැඳගෙන යාඥා කරල කිව්ව ”සුමේධාට මහණ වෙන්ට ඉඩ හරින්න. එතුමිය වෙනස්නො වන විමුක්තිය වූ ආර්ය සත්‍ය දකීවා!”
ඔව්! පියත් ඇය ව අත් හැරිය. ශෝක බයෙන් බියපත්වූ සුමේධා මහණ වුණා. සික්ඛමානාවක් වුණා. අභිඤ්ඤාහය ම සාක්ෂාත් කළා. අග්‍ර ඵලය වන අරහත්වය ලබාගත්තා.
රාජ කුමාරිකාවක් වූ සුමේධා හට ඒ අමා නිවනඅසිරිමත් දෙයක් වුණා. අද්භූත දෙයක් වුණා. අවසානකාලෙ එතුමිය තමන් ගේ පුබ්බේනිවාස ඥානයෙන් අතීතතොරතුරු හෙළි කළා.
කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලෝකෙ පහළවෙච්ච කාලෙ සංඝාරාමයක් පිහිටෙව්ව. ඒ කාලෙ ධනංජානිත්, ඛේමා ත්, මාත් එකතු වෙලා විහාර පූජාවක් කළා.
ඒ පුණ්‍ය කර්මයේ විපාක වශයෙන් සිය දහස්වර, දසදහස් වර දෙවියන් අතර ඉපදුනා. මිනිස් ජීවිතවල උපන්වාරගණන ගැන කවර කථා ද?
දෙවියන් අතර ඉපදුන කාලෙත් අපි ගොඩක් බලසම්පන්න යි. මිනිසුන් අතර ඉපදුන කාලෙ ගැන කවරකථා ද? රත්න හතක් තියෙන සක්විති රජතුමා ගෙඅගමෙහෙසිය වෙලා මා ත් ස්ත්‍රී රත්නයක් බවට පත්වුණා.
ඒකට හේතුව කෝණාගමන බුදු සමිඳුන් ගේ කාලෙකරපු පින්වල විපාක තමයි. මේ ජීවිතේ දී නිවනටබැසගත්ත. ධර්මයේ ඇලූනු සුමේධා මේ බුදු සසුනේ නිවන්දැක්කා.
අළාමක ප්‍රඥා තියෙන බුදු සමිඳුන් ගේ උතුම් වචන අදහාගත්ත නම්, ඒ විදියට ම අනුගමනය කරනව නම්ඔවුන් භවයට අයිති සියලූ දේ ගැන ම කලකිරෙනව.නිවන කරා ම යනව.
මේ වනාහී සුමේධා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.
මහා නිපාතය නිමා විය. (ගාථා සමූහයකින් යුතු කොටස නිමා විය)
සමත්තා ථෙරීගාථායො.
ථෙරීගාථාපාළි නිට්ඨිතා.