ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
6 ඡක්කනිපාතො
6.5. අනුපමා තෙරණිය ගේ ගාථා
මං ඉපදුනේ ගොඩාක් සැප සම්පත් තියෙන ධනවත්,උසස් පවුලක. මං ”මේඝ” සිටුතුමා ගේ දුව. මං ඒ කාලෙහරි ම ලස්සන යි.
රාජ කුමාරයන්, සිටු කුමාරයන් මට ගොඩාක් කැමතිවුණා. ”අනුපමා දුව මට පාවා දෙන්න” කියල අපේ පියාටදූතයන් පවා එව්ව.
ඔබේ අනුපමා දුව තරාදියේ එක පැත්තක තියල,අනිත් පැත්තේ ඒ බරට ධනය ලබා ගෙන නම් දෙන්නෙ,අපි ඊට වඩා අට ගුණයක් රන් මැණික් දෙනව.
නමුත් මුළු ලෝකෙට ම ජ්‍යෙෂ්ඨ වූ අනුත්තර වූ බුදුසමිඳුන් ව මං දැක ගත්ත. උන්වහන්සේ ගේ සිරිපා කමල්වන්දනා කළා. එකත් පස් ව හිඳ ගත්ත.
ගෞතම බුදු සමිඳුන් මං ගැන අනුකම්පාවෙන් මටධර්මය දේශනා කළා. මං ඒ ආසනයේ දී ම අනාගාමීඵලයට පත් වුණා.
ඊට පස්සෙ මං කෙස් මුඩු කර ගෙන, සසුන්ගතවුණා. තෘෂ්ණාව නැති කරල දාලා අදට දින හතක් වෙනව.
මේ වනාහී අනුපමා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.