ඛුද්දක නිකාය

රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා

6 ඡක්කනිපාතො

6.6. මහා ප්‍රජාපතී ගෝතමී තෙරණිය ගේගාථා

සියලූ සත්වයන්ට වඩා උතුම් වූ බුද්ධ වීරයන්වහන්ස. ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මාවත් මේ අනෙක් බොහෝ ජනතාව ත් සංසාරෙන් එතෙරකොට වදාළේ ඔබ වහන්සේ ම යි.

මං මේ දුක පිරිසිඳ දැක ගත්ත. දුක හදන හේතුවවන තණ්හාව නැති කරල දැම්ම. ආර්ය අෂ්ටාංගික මාර්ගයසම්පූර්ණ කර ගත්ත. දුක් නැති වීම වන නිවන ත් සාක්ෂාත්කළා.

ජීවිතේ යථාර්ථය නො දැක, පිහිටක් නැති ව සංසාරෙඇවිද ගෙන යද්දි, මං අම්මා වුණා. තව වාරෙක මං පුතාවුණා. තව වාරෙක මං තාත්ත වුණා. තව වාරෙක මංසහෝදරයා වුණා. තව ත් වාරෙක මං ආච්චි වුණා.

මං ධර්මය තුළින් භාග්‍යවතුන් වහන්සේ ව දැකගත්ත. මං මේ දරා ගෙන ඉන්නෙ අන්තිම සිරුර යි.ඉපදෙන සංසාරෙ ගෙවිල ගියා. ආයෙත් නම් මටපුනර්භවයක් නෑ.

පටන් ගත්ත වීරියෙන් ම සිටින, දිවි දෙවෙනි කොටධර්මයේ හැසිරුන, නිතර ම දැඩි වීර්ය පරාක්‍රමයෙන් යුක්ත,සමගි සම්පන්න ශ්‍රාවක සංඝයා ව දැකගන්න. බුද්ධවන්දනාව කියන්නෙ ඒක.

මහාමායා බිසොවුන් වහන්සේ ගෞතම බුදු සමිඳුන්ව මේ ලෝකෙට බිහි කෙරුවේ බොහෝ දෙනා ගේ යහපතපිණිස ම යි. ඒ නිසා ම යි රෝග-මරණවලින් පෙළෙනමේ සත්වයන් ගේ දුක් දුරු වෙලා ගියේ.

මේ වනාහී මහ ප්‍රජාපතී ගෝතමී නම් රහත් තෙරණිය වදාළගාථාවන් ය.