ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
6 ඡක්කනිපාතො
6.7. ගුත්තා තෙරණිය ගේ ගාථා
පින්වත් ගුත්තා, ඔයා මහණ වුණේ ප්‍රිය මනාපදරුවොත් අත් හැරල, වස්තුව ත් අත්හැරල උතුම් අර්ථයක්ඇතුව යි. ඉතින් ඒ අනුව ම කටයුතු කරන්ට ඕන. හිතටවිතරක් රැවටෙන්ට එපා!
මේ සත්වයන් රැවටෙන්නෙ හිතට ම යි. ඊට පස්සෙමාරයා ගෙ අරමුණුවලට ඇලිල වාසය කරනව. ඔවුන්ටසත්‍ය තත්වය පෙනෙන්නෙ නෑ. අන්තිමේ දී සිද්ධ වෙන්නෙනොයෙක් ජීවිතවල ඉපිද ඉපිද සංසාරෙ ඇවිදින්ට විතරයි.
කාමාශාව, තරහ, සක්කාය දිට්ඨිය, සීලබ්බතපරාමාස, විචිකිච්ඡුා යන මේ පහ,
මේ සංයෝජන පහ ප්‍රහාණය කරගත්තට පස්සෙඒ භික්ෂුණිය මේ කාමභවයට උපතක් කරා එන්නෙ නෑ.
රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජාකියන මේ සංයෝජන පහ ත් නැති කරගෙන සියලූ දුක්අවසන් කරන්න.
ඉපදෙන සංසාරෙ ගෙවල දාල, පුනර්භවය පිරිසිඳඅවබෝධ කරගෙන, මේ ජීවිතයේ දී ම තණ්හාව නැතිකරගෙන උපශාන්ත ව හැසිරෙන්න.
මේ වනාහී ගුත්තා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.