ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
6 ඡක්කනිපාතො
6.8. විජයා තෙරණිය ගේ ගාථා
මට චිත්ත සමාධියක් තිබුණෙ ම නෑ. සිතේ දමනයක්තිබුණෙ ම නෑ. මං හතර පස් වතාවක් ආරාමයෙන් නික්මිලා ගියා.
අන්තිමේ දී මං ඛේමා භික්ෂුණිය ළඟට ගියා. මංහොඳට ධර්ම කරුණු විමසා දැන ගත්ත. ඇය මට ධාතු-ආයතන ගැන ධර්ම දේශනා කළා.
උතුම් නිවන කරා යන, ඒ චතුරාර්ය සත්‍ය ධර්මය,පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්යඅෂ්ඨාංගික මාර්ගය ත් දේශනා කළා.
එතුමිය ගෙන් බුද්ධ වචනය අහගත්ත මං ඒඅනුශාසනාවේ විදියට ම කටයුතු කළා. ? පළමු යාමයේදී පුබ්බේ නිවාස ඤාණය ලබා ගත්ත.
? මධ්‍යම යාමයේ දී දිවැස් නුවණ පිරිසිදු කරගත්ත.රැය පහන් වෙන කොට අවිද්‍යාව නම් වූ අන්ධකාරකෙලෙස් කඳ බිඳල දැම්ම.
මං එතකොට ප්‍රීතිය ත් සැපය ත් කය පුරා මපතුරුවා ගෙන යි හිටියෙ. අවිද්‍යා අන්ධකාරය බිඳල දාපුමං හත්වෙනි දවසේ තමයි කකුල් දිග හැරියෙ.
මේ වනාහී විජයා නම් රහත් තෙරණිය වදාළ ගථාවන් ය.
හයවෙනි නිපාතය නිමා විය. (ගාථා හය බැගින් වදාළ කොටස නිමා විය)