ඛුද්දක නිකාය

රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා

7 සත්තකනිපාතො

7.1. උත්තරා තෙරණිය ගේ ගාථා

මිනිසුන් මෝල් ගස්වලින් ධාන්‍ය වර්ග කොටනව.තමන් ගේ අඹු දරුවනුත් පෝෂණය කර ගෙන ධනය ත්හම්බ කර ගන්නව.

යමක් කළාට පස්සෙ තැවෙන්නෙ නැත්නම්, අන්නඒ බුද්ධානුශාසනාව තමයි කරන්ට ඕන. ඉක්මණට පාසෝදගන්න. හුදෙකලා තැනකින් වාඩි වෙන්න.

හොඳින් හිත එකඟ කර ගෙන, හිත පිහිටුවා ගෙන,මේ සංස්කාරයන් අනාත්ම වශයෙන් නුවණින් දකින්න.ආත්ම වශයෙන් නොවේ.

එතුමිය ගේ වචනය හිතට ගත්තා. ඒ පටාචාරාවගේ අනුශාසනාවේ පිහිටියා. පා සෝදා ගත්ත. හුදෙකලාතැනක වාඩි වුණා.

? පළමු යාමයේ පුබ්බේ නිවාස ඤාණය ලබාගත්ත. ? මධ්‍යම යාමයේ දිවැස් නුවණ පිරිසිදු කර ගත්ත.

රැය පහන් වෙන කොට අවිද්‍යාව නම් වූ අන්ධකාරකෙලෙස් කඳ බිඳල දැම්ම. මං එදා උදේ නැගිට්ටෙ ති්‍රවිද්‍යාවලබාගෙන. ඔබතුමිය ගේ අනුශාසනාව මං කළා.

සුරාසුර යුද්ධෙ ජය ගත්තට පස්සෙ තව්තිසාදෙවියෝ ශක්‍ර දෙවියන්ට නමස්කාර කරනව වගේ, මම ත්ඉන්නෙ ඔබතුමිය පෙරටු කරගෙන යි. මං දැන් ත්‍රිවිද්‍යාලාභී නිකෙලෙස් කෙනෙක්.

මේ වනාහී උත්තරා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.