ඛුද්දක නිකාය
රහත් භික්ෂුණීන් වහන්සේලා වදාළ ගාථා
7 සත්තකනිපාතො
7.2. චාලා තෙරණිය ගේ ගාථා
ඒ භික්ෂුණිය ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියයන් දියුණු කරගෙන ඉන්නෙ, හොඳට සිහිය පිහිටුවා ගෙන ඉන්නෙ.සංස්කාරයන් සංසිඳීමේ සැපය පිහිටුවා ගෙන ඉන්නෙ.සංස්කාරයන් සංසිඳීමේ සැපය වූ ශාන්ත නිවන සාක්ෂාත්කරල ඉන්නෙ.
(මාරයා) ඔයා ඔය හිස මුඩු කරගත්තෙ කවුරුවෙනුවෙන් ද? ශ්‍රමණියක් වගෙයි පෙනෙන්නෙ. ඇයිතාපසියක් වෙන්ට අකැමැති? මෝහයෙන් මුලා වෙලානේ ද ඔය යන්නෙ?
(ඒයි මාරය) තාපසවරු ඉන්නෙ බුදු සසුනෙන් බැහැරව යි. ඒ ගොල්ල ඉන්නෙ නොයෙක් මතවාද වල එල්ලිලා.ඔවුන්ට මේ ධර්මය පෙනෙන්නෙ නෑ. ඔවුන් මේ ධර්මයදකින්ට දක්ෂ ත් නෑ.
නමුත් ශාක්‍ය වංශයේ ඉපදුනු අසහාය මුනිවරයෙක්තමා බුදු සමිඳුන් කියල කියන්නෙ. ඔය සියලූ ම දෘෂ්ටීන්ඉක්මවා යන ධර්මය උන්වහන්සේ මට කියල දීලතියෙන්නෙ.
ඒ ධර්මය තමයි දුක, දුකේ හට ගැනීම, ඒ දුකඉක්මවා යාම, ඒ දුක් සංසිඳෙන මාර්ගය.
උන්වහන්සේ ගේ උතුම් වචනය අසා දැනගෙන යිබුදු සසුනට ඇලී වාසය කළේ. මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්ත.බුදු සසුන සම්පූර්ණ කරගත්ත.
හැම දෙයක් ගැන ම තිබුණු ආශාව නැති කරලදැම්ම. මෝහාන්ධකාරය බිඳල දැම්ම. මාරය, ඔය විදියට යිමේ ගැන ඔබ දැන ගන්ට ඕන. මාරය, ඔය කරුණේ දීනැසුණේ ඔබ යි.
මේ වනාහී චාලා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.