අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
5. ධම්මික වර්‍ගය
8. සංවර විපන්න සූත්‍රය
’’මහණෙනි, ඉන්ද්‍රිය සංවරය නැති කල්හි විපතට පත් ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු නැත්තේ වේ. ශීලය නැති කල්හි, විපතට පත් ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට හේතු නැත්තේ වේ. සම්‍යක් සමාධිය (මනාකොට සිත එකඟකිරීම) නැති කල්හි, ඇති තතු දැනීමේ නුවණට හේතු නැත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ නැති කල්හි, ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැත්තේ වේ. ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැති කල්හි, විමුක්ති ඥාන දර්‍ශනයට හේතු නැත්තේ වේ.
’’මහණෙනි, යම්සේ ගසක අතු කොළ විපතට පත්වූයේද, ඒ ගසේ පතුරද සම්පූර්‍ණ බවට නොපැමිණේ. සිවියද සම්පූර්‍ණ බවට නොපැමිණේ. ඵලයද සම්පූර්‍ණ බවට නොපැමිණේ. අරටුවද සම්පූර්‍ණ බවට නොපැමිණේ. එමෙන්ම මහණෙනි, ඉන්ද්‍රිය සංවරය නැති කල්හි විපතට පත් ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු නැත්තේ වේ. ශීලය නැති කල්හි, විපතට පත් ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට හේතු නැත්තේ වේ. සම්‍යක් සමාධිය (මනාකොට සිත එකඟකිරීම) නැති කල්හි, ඇති තතු දැනීමේ නුවණට හේතු නැත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ නැති කල්හි, ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැත්තේ වේ. ක්ලේශයන්ගෙන් නොඇලීමට හේතු නැති කල්හි, විමුක්ති ඥාන දර්‍ශනයට හේතු නැත්තේ වේ.
’’මහණෙනි, ඉන්ද්‍රිය සංවරය ඇති කල්හි ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු ඇත්තේ වේ. ශීලය ඇති කල්හි, ශීල සම්පන්නහුට සම්‍යක් සමාධියට හේතු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධි සම්පන්නහුට ඇති තතු දැනීමේ නුවණට හේතු ඇත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ ඇති කල්හි, කෙලෙසුන්ගෙන් කළකිරීම ඇත්තේ වේ. කෙළෙසුන්ගෙන් කළකිරීම ඇති කල්හි, විමුක්ති ඥාන දර්‍ශනයට හේතු ඇත්තේ වේ.
’’මහණෙනි, ගස අතු හා කොළ ඇති කල්හි පතුරද සම්පූර්‍ණ බවට පැමිණේ. සිවියද සම්පූර්‍ණ බවට පැමිණේ. ඵලයද සම්පූර්‍ණ බවට පැමිණේ. අරටුවද. සම්පූර්‍ණ බවට පැමිණේ. එපරිද්දෙන්ම මහණෙනි, ඉන්ද්‍රිය සංවරය ඇති කල්හි ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට හේතු ඇත්තේ වේ. ශීලය ඇති කල්හි, ශීල සම්පන්නහුට සම්‍යක් සමාධියට හේතු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධි සම්පන්නහුට ඇති තතු දැනීමේ නුවණට හේතු ඇත්තේ වේ. ඇති තතු දැනීමේ නුවණ ඇති කල්හි, කෙලෙසුන්ගෙන් කළකිරීම ඇත්තේ වේ. කෙළෙසුන්ගෙන් කළකිරීම ඇති කල්හි, විමුක්ති ඥාන දර්‍ශනයට හේතු ඇත්තේ වේ.