අඞ්ගුත්තරනිකායො
සත්තක නිපාතය
පඨමපණ්ණාසකං
2. අනුසය වර්ගය
6. අනිච්චානුපස්සි සූත්‍රය
’’මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’කවර සත් දෙනෙක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දකිමින් වාසය කරයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් කුශල ධර්මයන්හි මතුවීමෙන් යුතු ශ්‍රද්ධාව යහපත් වේද, පාපයට ලජ්ජාව යහපත් වේද, පාපයට බිය යහපත් වේද, වීර්‍ය්‍යය යහපත් වේද, කුසල ධර්මයන්හි ප්‍රඥාව යහපත් වේද, ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොසිටියි. නොවැඩෙයි. පිරිහේමය. ඔහුගේ ඒ හිරිය, ඔත්තප්පය, වීර්‍ය්‍යය, ප්‍රඥාව (යන මේ ධර්මයෝ) නොසිටිත්. නොවැඩෙත්. පිරිහෙත්මය. හෙතෙම ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් අනාශ්‍රවවූයේ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද මෙලෙව්හිදීම තෙමේ උසස් ඥානයෙන් ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’මහණෙනි, නැවතද ඇතැම් පුද්ගලයෙක් නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධ කරගත් සියලු සංස්කාරයන්හි අනිත්‍ය සංඥා ඇත්තේ අනිත්‍යය විඳින්නේ අනිත්‍යය දකිමින් වාසය කරයි. ඔහුට පෙරපසු නොව එකවිටම ආශ්‍රවයන්ගේ නැතිවිමද, ජීවිතය නැතිවීමද (සිදුවෙයි.)මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන )ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අන්තරා පරිනිබ්බායීවේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් උපහච්ච පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් සසංස්කාර පරිනිබ්බායී වේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.
’’නැවතද මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන්හි අනිත්‍යය දක්නේ, අනිත්‍ය සංඥාව ඇත්තේ, අනිත්‍යය සම්බන්ධ විශෙෂයෙන් දැනීම ඇතිවූයේ, නිරන්තරයෙන් සිතින් ගැවසීගත් ප්‍රඥාවෙන් අවබෝධකරගත් හෙතෙම පස් වැදෑරුම් ඔරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂවීමෙන් අකනිට්ඨගාමී උද්ධංසොත නම් වූයේද, මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය. මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙන ආහුණෙය්‍ය දුර සිට ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය. පාහුනෙය්යා (දුර ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍යයෝය.) දක්ඛිනෙය්‍ය (දක්ෂිණාවට සුදුසුසෝය.) ලෝකයාගේ නිරුත්තරවූ පින්කෙතය.