ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
41. මෙත්තෙය්‍ය වග්ග
2. පුණ්ණක ථෙරාපදානය
’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ, පස්මරුන් දිනූ, ලෝකගුරුවූ බුදුරජතෙමේ හටගත් ආබාධ ඇත්තේ, ශිලා පර්‍වත කූටයකවූ, විවේකස්ථාන නම්වූ පබ්භාරයක් ඇසුරුකොට කඳු අතරෙහි වැඩ වෙසෙති.
’’එකෙණෙහි මාගේ අසපුව හාත්පස ආලෝකයක් වීය. බුදුන් පිරිනිවන් පානා කල්හි (මෙම) ආලෝකය පහළවේ.
’’එකෙණෙහි මුළු වන ලැහැබෙහි වෘක, කළු හිස් වලස්, ව්‍යාඝ්‍ර, සිංහ යන සියළු සත්ත්‍වයෝ (ඔවුන්ගේ වාසස්ථානවලින්) නික්ම ආවාහුය.
’’මම ඒ අස්වාභාවික සිද්‍ධිය දැක (බුදුරජුන් වැඩ විසූ) පර්‍වතයට ගියෙමි. එහිදී පිරිනිවන් පානා ලද අපරාජිතවූ සම්බුදුරජුන් දුටිමි.
’’සුපිපි සල් රුකක් මෙන්ද, උදාවූ හිරු මෙන්ද, පහවූ ගිනි දැල් ඇති අඟුරු ගොඩක් මෙන්ද, පිරීගියාවූ බුදුරජුන් (උදෙසා)
’’මම එහි තණද, දරද, පුරවා චිතකයක් (සෑයක්) කෙළෙමි. මම චිතකය මැනවින් කොට බුද්‍ධ ශරීරය දැවීමි.
’’සිරුර දවා සුවඳ දිය ඉස්සෙමි. එකෙණෙහි අහසෙහි සිටි යක්‍ෂයෙක් තෙම (මට) නමක් තැබීය. (කෙසේදයත්)
’’සියල්ල තෙමේම අවබෝධ කරගත් බුදුරජුන්ගේ යම් (ආදාහන) කෘත්‍යයක් තා විසින් සම්පූර්‍ණ කරණ ලදද, මුනිවරය, ඔබ හැම කල්හි ’’පුණ්ණක’’ නම් වෙහිය.
’’(ඉක්බිති) මම යක් සෙනෙවි අත්බැවින් ච්‍යුතව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. එහි අහසෙහි දිව්‍යමය සුවඳ හමයි.
’’එකල්හි එහිදීද මාගේ නම ’’පුණ්ණක’’ විය. දෙවිවූයේද, මිනිස් වූයේද, (මාගේ) අදහස් (ඒවු පරිදි) සම්පූර්‍ණ කරමි.
’’මාගේ මේ (සසරෙහි) අවසානයයි. අන්තිම භවය (දැන් මේ) පවතී. මෙහිදීද පූර්‍ණක නාමය ප්‍රකාශ වේ.
’’ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ, ගෞතම බුදුරජුන් සතුටුකොට සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’මින් එක් අනූවන කපෙහි වු එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ශරීරදාහන කෘත්‍යයාගේ මේ විපාකයයි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුණ්ණක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පුණ්ණකත්ථෙරස්සාපදානං දුතියං.