අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(9) 4. සති වර්‍ගය

2. පුණ්ණිය සූත්‍රය

ඉක්බිති වනාහි ආයුෂමත් පුණ්ණ්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් පුණ්ණ්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, යමකු කරණකොට එක් දිනක තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේද, එක් දිනක නොනැමේද, හේතු කවරේද, කාරණය කවරේද?’’

’’පුණ්ණියය, භික්‍ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේ නොවේද, ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේ. පුණ්ණිය, යම් විටෙක වනාහි භික්‍ෂු තෙමේ සැදැහැත්තේද. එළඹෙන්නේද, මෙසේ තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නැමේ.

’’පුණ්ණිය, භික්‍ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේද, ඇසුරු නොකෙරේනම් ඒ තාක් ධර්ම (දේශනාවට) සිත නොනැමේ. ඇසුරු කෙර්ද, නොවිචාරා නම් විචාරණ ලද්දේද, කන් යොමු කොට බණ නොඅසා නම්, කන් යොමු කොට බණ අසාද, බණ අසා දරා නොගනී නම්, අසා බණ දරාද, දරන ලද බණෙහි අදහස් නැවත සොයා නොබලා නම්, දරන ලද බණෙහි අදහස් නැවත සොයා බලාද, අර්ත්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට නොබටුයේ නම් ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේමය.

’’පුණ්ණිය, යම් විටෙක වනාහි භික්‍ෂු තෙම සැදැහැවත් වේද, එළඹෙන්නේද, ඇසුරු කරන්නේද, විචාරන්නේද, ඇහුම්කන් දෙන්නේද, බණ අසයි නම් අසාද, ධර්මය දරන්නේ නම් දරන ලද ධර්මයන්ගේ අදහස නැවත සොයා බලා නම්, අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට බටුයේද වේ නම්, මෙසේ තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේ. පුණ්ණිය, මේ කරුණු අටින් යුක්තවූයේ වේද, තථාගතයන්ගේ ඒකාන්තයෙන් සිත නැමීම ඇති දහම් දෙසිම වෙයි.’’