අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(9) 4. සති වර්‍ගය
3. කිංමූලක සූත්‍රය
’’මහණෙනි, අන්‍ය තීර්ත්‍ථක පැවිද්දෝ, ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්‍රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් භාරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීර්ත්‍ථක පැවිද්දනට කුමකැයි පිළිතුරු දෙව්ද?’’
’’ස්වාමීනි, අපගේ ධර්මයන් භාග්‍යවත්හු මුල්කොට ඇත්තේය. භාග්‍යවත්හු නායකකොට ඇත්තෝය. භාග්‍යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ කියමනේ අදහස භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරත්.’’
’’මහණෙනි, එසේ වි නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි.’’
’’ස්වාමීනි, යහපති’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේහට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
’’මහණෙනි, අන්‍ය තීර්ත්‍ථක පැවිද්දෝ ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්‍රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් භාරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීර්ත්‍ථක පැවිද්දනට කුමකැයි පිළිතුරු දෙව්ද?’’
’’මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීර්ත්‍ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.’’
’’ඇවැත්නි, සියලු ධර්මයෝ ඡන්‍දය (කැමැත්ත) මුල් වූවෝය. සියලු ධර්මයෝ මෙනෙහි කිරීමෙන් හටගන්නෝය. සියලු ධර්මයෝ ස්පර්‍ශයෙන් වැඩන්නෝය. සියලු ධර්මයෝ මිදීම රැස් කරන්නෝය. සියලු ධර්මයෝ සමාධිය ප්‍රධානකොට ඇත්තාහ. සියලු ධර්මයෝ සිහිය අධිපතිකොට ඇත්තාහ. සියලු ධර්මයෝ නුවණ උතුම්කොට ඇත්තෝය. සියලු ධර්මයෝ මිදීම භාරකොට ඇත්තෝය.’’
’’මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්‍ය තීර්ත්‍ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.’’