අංගුත්තර නිකාය
එක නිපාතය
10. ලෝණඵල වර්ගය
100. ලොණ ඵල (හෝ) යථා කම්ම වෙදනිය සූත්‍රය
‘මහණෙනි, යමෙක් ‘මේ පුරුෂ තෙමේ යම් යම් ආහාරයකින් කර්ම කෙරේද, ඒ කර්මය ඒ ඒ ආකාරයෙන් විපාක දෙන්නේයයි’ කියන්නේ නම් මහණෙනි, එසේ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්‍ය්‍ය වාසයක් නොවන්නේය. මනාව දුක් කෙළවර කිරීමට අවකාශයක් නොපෙනෙන්නේය.
“මහණෙනි, යමෙක් (දිට්ඨ ධම්මවෙදනීයාදි වශයෙන්) යම් යම් ආකාරයකින් වින්ද යුතුවූ කර්ම කෙරේද ‘ඒ කර්මයාගේ විපාක ඒ ඒ ආකාරයෙන් විඳින්නේයයි කියන්නේ නම් එසේ ඇති කල්හි මාර්ග බ්‍රහ්මචර්‍ය්‍ය වාසයක් ඇත්තේය. මනාව දුක් කෙළවර කිරීමට අවකාශයක් පෙනෙන්නේය
“මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් ස්වල්පමාත්‍ර පාපයකුදු කරන ලද්දේද ඒ පාප කර්මය ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරනලද එබඳුවූම ස්වලප මාත්‍ර පාපය මේ ආත්මයෙහිම විපාක දෙන කර්මයක් වේ. පරලොව ස්වල්ප විපාකයකුදු නොදෙයි. බොහෝ විපාක ගැන කියනුම කිම?
“මහණෙනි කවර පුද්ගලයෙකු විසින් ස්වල්ප මාත්‍ර පාපයකුදු කරන ලද්දේ නම්, ඒ පාප කර්මය ඔහු නිරයට පමුණුවයිද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් නොවඩන ලද කය ඇත්තාවූද නොවඩන ලද සිල් ඇත්තාවූද නොවඩන ලද සිත් ඇත්තාවූද වෙයිද, නොවඩන ලද ප්‍රඥාව ඇත්තාවූද ගුණයෙන් කුඩා වූද ගුණ හීන කයක් ඇත්තාවූද සුලු පවකද දුක් විඳින්නෙක් වේද, මහණෙනි, මෙබඳු පුද්ගලයා විසින් සුලු පවක් කරන ලද්දේද එය ඔහු නිරයට පමුණුවයි.
“මහණෙනි, කෙබඳුවූ පුද්ගලයකු විසින් කරන ලද එබඳුවූ ස්වල්ප මාත්‍ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන පරලොව බොහෝවූ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩනලද කය ඇති වඩන ලද සිල් ඇති, වඩන ලද සිත් ඇති, වඩන ලද ප්‍රඥාව ඇති, ගුණයෙන් කුඩා නොවූ ගුණ මහත්වයෙන් මහත්වූ රහත් භික්ෂුවක් වෙයිද, මහණෙනි, එබඳු පුද්ගලයා විසින් කරනලද එබඳු ස්වල්ප කර්මය මේ ආත්මයෙහි විපාක දෙන පරලොව බොහෝවූ විපාක තමා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වෙයි.
“මහණෙනි, යම්සේ පුරුෂයෙක් කුඩා වතුර භාජනයකට ලුණු කැටයක් දමන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? ඒ කුඩා දිය බඳුනෙහි ඒ ස්වල්ප ජලය ඒ ලුණු කැටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේද?”-“ස්වාමීනි, එසේය.”
“ඊට හෙතුව කවරේද?”-“ස්වාමීනි, ඒ දිය බඳුනෙහි ස්වල්ප ජලය ඒ ලුණු ඇටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේය.
‘මහණෙනි, යම්සේ පුරුෂ තෙමේ ලුණු ඇටයක් ගංගා නම් ගඟෙහි දමන්නේද, මහණෙනි, ඒ කුමකැයි සිතන්නෙහිද? ගංගානම් ගඟ ඒ ලුණු ඇටයෙන් නොබිය හැකි ලුණු රස වන්නේද?”-“ස්වාමීනි, එසේ නොවේමය.”
“ඊට හෙතු කවරේද?”-“ස්වාමීනි, ඒ ගංගානම් ගඟෙහි මහා දිය කඳ ඒ ලුණු ඇටයෙන් ‘නොබිය හැකි ලුණුරස’ නොවන්නේය.”
“මහණෙනි, එසේම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකු විසින් කරන ස්වල්පවූ පාපකර්මයද ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරන ලද එබඳු වූම ස්වල්පමාත්‍ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන්නාවූ පරලො බොහෝ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන්නාවූ කර්මයක් වෙයි.
(මේ ඡෙදය මේ සූත්‍රයේ 4 ඡෙදය මෙනි.)
මේ ඡෙදය මේ සූත්‍රයේ 5 ඡෙදය මෙනි.)
“මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් අඩ කහවණුවෙනුදු හිර දඬුවමට පැමිණෙයි. කහවණුවෙනුදු හිර දඬුවමට පැමිණෙයි.”
“කහවණු සියයකිනුදු හිර දඬුවමට පැමිණෙයි. මහණෙනි මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් අඩ කහවණවෙනුදු හිර දඬුවමට නොපැමිණෙයි. කහවණුවෙනුදු හිර දඬුවමට නොපැමිණෙයි. කහවණු සියයකිනුදු හිර දඬුවමට නොපැමිණෙයි. මහණෙනි, කෙබඳු පුද්ගලයා අඩ කහවණුවෙනුදු කහවණුවෙනුදු කහවණු සියයෙනුදු හිර දඬුවමට පැමිණෙයිද?
“මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයෙක් ධනය නැත්තාවූ කිසිවක් කරගත නොහැකිවූ දිලින්දෙක් වෙයිද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙමේ අඩ කහවණුවෙනුදු සිර දඬුවමට පැමිණෙයි. කහවණු වෙනුදු සිරදඬුවමට පැමිණෙයි. කහවණු සියයකිනුදු සිර දඬුවමට පැමිණෙයි. මහණෙනි, කෙබඳුවූ පුද්ගලතෙමේ අඩ කහවණුවෙනුදු සිර දඬුවමට නොපැමිණෙයිද කහවණුවෙනුදු සිර දඬුවමට නොපැමිණෙයිද කහවණු සියයකිනුදු සිර දඬුවමට නොපැමිණයිද?
“මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ධනයෙන් ආඪ්‍යවේද, මහත් ධන ඇත්තේ වේද, මහත් භොග ඇත්තේ වෙයිද මහණෙනි, මෙබඳු පුද්ගලතෙමේ අඩකහවණු වෙනුදු සිර දඬුවමට නොපැමිණෙයි. කහවණුවෙනුදු සිර දඬුවමට නොපැමිණෙයි. කහවණු සියයකිනිදු සිර දඬුවමට නොපැමිණෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරන ලද සුලු පාප කර්මයද ඔහු නිරයට පමුණුවයි. මහණෙනි, මෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරන එබඳු ස්වල්පමාත්‍ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන කර්මයක්ව පරලොව බොහෝ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වෙයි.
“මහණෙනි, කෙබඳු පුද්ගලයකු විසින් කරන ලද ස්වල්පමාත්‍රවූද කර්මය ඔහු නිරයට පමුණුවයිද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩන ලද කය ඇති වඩන ලද සිල් ඇති වඩන ලද සිත් ඇති වඩන ලද ප්‍රඥාව ඇති ගුණයෙන් කුඩා නොවූ ගුණ මහත්වයෙන් මහත්වූ රහත් භික්ෂුවක් වෙයිද මහණෙනි, එබඳුවූ පුද්ගලයා විසින් කරන ලද ස්වල්පවූද පාප කර්මය ඔහු නිරයට පමුණුවයි.
“මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් කරන ලද පරලොව බොහෝවූ විපාක තබා සුලු විපාකයකුදු නොදෙයි. මහණෙනි, යම්සේ එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ ඇතමෙකු නසන්ට හෝ සිරකරන්ට හෝ ධනයෙන් පිරිහෙවන්ට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්ථ වෙයි.
“එළුවෙකු සොරකම් කරන්නාවූ ඇතමෙකු නසන්නට හෝ සිරකන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්නට හෝ නුපුළුවන් වෙයි. මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවන් සොරකම් කරන්නාවූ කෙබන්දෙකු නසන්ට හෝ සිරකරන්ට හෝ ධනයෙන් පිරිහෙවන්ට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්ථ වෙයිද?
“මහණෙනි, මේ ලොකයෙහි ඇතැමෙක් ස්වල්ප ධනය ඇත්තාවූ කිසිවක් කරගත නොහැකි දිළින්දෙක් වෙයිද මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ මෙබඳු පුද්ගලයා මරන්නට හෝ සිරකරන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්න හෝ සමර්ථ වෙයි.
“මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ කෙබඳු පුද්ගලයා මරන්නට හෝ සිරකරන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්ථ නොවේද?
“මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ධනයෙන් ආඪ්‍යවූයේද මහත් ධන ඇත්තේද මහත් භොග ඇත්තේද රජෙක් හෝ වේද රාජමහාමාත්‍යයෙක් හෝ වේද මහණෙනි, එළුවන් අයිතිකාරයෙක් හෝ එළුවන් මරන්නෙක් හෝ එළුවකු සොරකම් කරන්නාවූ එබඳු පුද්ගලයා නසන්නට හෝ සිරකරන්නට හෝ ධනයෙන් පිරිහෙවන්නට හෝ කැමැත්තක් කරන්නට හෝ සමර්ථ නොවේ. ඒකාන්තයෙන් පින්වත, මාගේ එළුවා හෝ එළුවාගේ වටිනාකම හෝ දෙවයි ඔහුට යාඥා කරන්නේය.
“මහණෙනි, එසේම ඇතැම් පුද්ගලයකු විසින් කරන ලද ස්වල්පමාත්‍ර කර්මයද ඔහු නිරයට පමුණුවයි මහණෙනි මෙහි ඇතැම් පුද්ගලයකු විසින් කරනලද එබඳුවූම ස්වල්පමාත්‍ර කර්මය මේ ආත්මයෙහි විපාක දෙන පරලොව බොහෝවූ විපාක තබා සුලු විපාකයකුදු නොදෙන කර්මයක් වෙයි.
“මහණෙනි, කෙබඳු පුද්ගලයෙකු විසින් කරන ලද ස්වල්පමාත්‍රවූද කර්මය ඔහු නිරයට පමුණුවයිද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් වඩන ලද කය ඇති වඩන ලද සිල් ඇති වඩන ලද සිත් ඇති වඩන ලද ප්‍රඥාව ඇති ගුණයෙන් කුඩා නොවූ ගුණ මහත්වයෙන් මහත්වූ රහත් භික්ෂුවක් වෙයිද.
“මහණෙනි, මේ පුරිසතෙමේ යම් යම් ආකාරයකින් කර්ම කෙරේද ඒ කර්මය ඒ ඒ ආකාරයෙන් විපාකදෙන්නේයයි යමෙක් මෙසේ කියන්නේද, මහණෙනි, එසේ ඇති කල්හි මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවක් නොවන්නේය. මනාකොට දුක් කෙළවර කිරීමෙන් අවකාශය නොපෙනෙන්නේය. මහණෙනි, මේ පුරුෂතෙමේ යම් යම් ආකාරයකින් විඳියයුතු ඒ ඒ ආකාරයෙන් ඔහු විසින් විපාක විඳියයුතු වන්නේයයි යමෙක් කියන්නේද මහණෙනි, එසේ ඇති කල්හි මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාව වන්නේය. මනාකොට දුක් කෙළවර කිරීමේ අවකාශය පෙනෙන්නේය.