ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
2. දුක නිපාතය
2. ජාගරිය වර්ගය
11. අපායික අභූතවාදී සූත්‍රය
“මහණෙනි, මේ නොහැර අපායෙහි උපදින්නාවූ නිරයෙහි උපදින්නාවූ මේ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්? යමෙක්තෙම බඹසර නොහැසිරෙන සුලුවූයේ (මම) බ්‍රහ්මචාරීයයි ප්‍රතිඥා කිරීම ඇත්තේ වේද, යමෙක් වනාහි සම්පූර්ණවූ පිරිසිදු බඹසර හැසිරෙන්නාවූ භික්ෂුවකට බඹසර නැතැයි චොදනා කෙරේද?
“මහණෙනි, මේ පාප සමාචාරය අත්නොහැර (සතර) අපායෙහි උපදින්නාවූ, නරකයෙහි උපදින්නාවූ මේ පුද්ගලයෝ දෙදෙන වෙත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
“අසත්‍යයෙන් යමෙක් වනාහි (පව්කම්) කොට මම නොකරමියි කියාද, පරලෙව්හි මෙයින් ගොස් ලාමක ක්‍රියා ඇත්තාවූ ඒ මනුෂ්‍යයෝ දෙදෙනම (ගතියෙන්) සමාන වෙත්.
“කසට පෙවූ වස්ත්‍රයෙන් හාත්පස දැවටූ ග්‍රීවය ඇත්තාවූ ලාමක ස්වභාව ඇත්තාවූ සංයමය නැත්තාවූ ඒ බොහෝ එබඳු පාපපුද්ගලයෝ පව්කමින් නරකයෙහි උපදිත්. සංවර නැත්තාවූ සිල් නැති පුද්ගලයෙක් ඉදින් රටවැස්සන් විසින් දෙන යම් ආහාරයක් වළඳන්නේද, දිලිසෙන්නාවූ ගිනිසිළක් බඳුවූ යකඩගුලි අනුභව කරන ලද්දේ උතුමියි.”